FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ජනපතින් අතින් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ වන නෙළුම් කුළුණ අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

මෙම උත්සවය අද පස්වරු 5.00ට පැවැත්වෙන අතර ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිත බව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

වසර 2012 මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය ආධාර මතය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් විදේශ ණය ආධාර මත ලබා දී තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉතිරි පිරිවැය දරා ඇත.

නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන මෙහි උස මීටර් 356ක් වන අතර එහි පහළ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර තිබේ

එසේම මෙහි කැරකෙන අවන්හලක්ද පිහිටා ඇත.

නෙළුම් කුළුණේ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන්නේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරියයි.

එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රීපාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.