(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම අනු දැනුමක් නොමැතිව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර දැනුම් දෙයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ සිදු කෙරේ.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින්සුරාබදු බලපත්‍ර 10 ක්ද, 2018 වසරට බලපත්‍ර 74 ක්ද නිකුත් කර ඇත.
කෙසේ වෙතත් 2019 වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරාබදුදෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ මහතා සඳහන් කරයි.









