FAST NEWS

24×7 Around the Globe

නෙළුම් කුළුණ විවෘත කිරීමට සියල්ල සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ විවෘත කිරීමට නියමිතය.

අමෙරිකානු ඩොලර් මිලියන 104 ක් වියදමින් තැනූ මෙම කුළුණ මහල් 17 කින් යුත් මීටර් 350 ක් පමණ උසකින් සමන්විතය.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විත වන අතර 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ.

නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.