FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ නිවසක පිපිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිපිරීම සමඟ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් යැවූ බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනදෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනු ලැබේ.