(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්ෂ ලේකම්වරුන් සහ සියලුම දිස්ත්රීක් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් ලබන 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ ලේකම් එච් එම් ටී හේරත් මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණ කටයුතු සැලසුම් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි
මේ අතර අනිද්දා සිට මැතිවරණ කොමිසමට බලය පැවරෙයි.
එහිදී ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීම නිවේදනය කිරීම, ඡන්ද විමසීම පැවැත්වීම, මැතිවරණ නීතිය උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව පියවර ගැනීම සඳහා මැතිවරණ නීතියට අනුව කොමිෂන් සභාවට බලය පැවරෙන අතර මැතිවරණ කොමිසම ලබන සතියේදී රැස්වීමටද නියමිතයි.








