(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ මෙම සාකච්ඡාව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිදුකළ ආරාධනාවකට අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකුගේ නිවසක රාත්‍රියේ පැවැත්වීමට නියමිත බවයි.
ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේය.








