FAST NEWS

24×7 Around the Globe

කංජිපානිගේ පියා – සහෝදරයා ඇතුළු සය දෙනා 25 තෙක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියා සහ ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

අද දින රත්ගම පොලිස් ස්ථානය මඟින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

ඊයේ (12) සවස බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතීන් සතුව තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබූ ජංගම දුරකථන 02 ක් හා චාජර් 02 ක් සොයා ගැනීමට හැකි විය.