(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව පිළිබඳ ඉදිරි මාස දෙක තුල රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ඇරඹීමට තීරණය වී තිබේ.
ඒ ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර ඊයේ (12) පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සහභාගී වී ඇති අතර ඉන්දියාව වෙනුවෙන් තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම් කරුණානිධි මහතාගේ දියණිය වන එරට පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝලි කරුණානිධි මහත්මිය සහභාගී වී ඇත.
මානුෂීය ගැටලුවක් සේ සලකා ධීවර ගැටලුවට විසඳුම් ලබාදීමට දෙපාර්ශවයේම එකගත්වය පළවී තිබේ.








