FAST NEWS

24×7 Around the Globe

බදුලු යන්න විශේෂ දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදින් ඇරඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් බදුල්ල සහ කොළඹ කොටුව අතර විශේෂ දුම්රිය හතරක් ධාවනයට යොදවා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (13) පෙරවරු 07.10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියක් බදුල්ල දක්වා ධාවනය කළ අතර , බදුල්ල දුම්රිය ස්ථානයේ සිට අද පෙරවරු 07.30ට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය විය.

ඊයේ (12) රාත්‍රි 07.35 ට කොළඹ කොටුවෙන් පිටත් වු විශේෂ දුම්රිය අද අළුයම 04.43 ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති අතර , බදුල්ලෙන් ඊයේ රාත්‍රි පිටත් වු දුම්රියද අළුයම 05.26ට කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වී තිබේ.