FAST NEWS

24×7 Around the Globe

කිරි පිටි ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට කිරිපිටි සමාගම් තීරණය කර ඇත. 

මාස 03 කට වරක් සිදුවන මිල සංශෝධනයට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල මෙවර රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබී ඇති අතර , ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඊට නොලැබීම නිසා මිල වැඩිවීමක් සිදුනොවීය.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි අලෙවියේදී අලාභයක් දැරීමට සිදුව ඇති බව කිරිපිටි සමාගමක නිලධාරියෙකු සදහන් කළේය.

මේ හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබේ.