FAST NEWS

24×7 Around the Globe

බිනර පසළොස්වක පොහොය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්ම පොහොය දිනයක් වන බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. 

මෙහෙණි සසුන පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර හිමිවූයේ අදවන් දවසකයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ආනන්ද තෙරණුවන්ගේ මැදිහත්වීමෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නේ ගරු ධර්ම අටක් පිළිපැදීමේ පොරොන්දුව මතයි.

එමෙන්ම , තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ හමුවී බුදුන්, දහම් සරණ ගියේ ද අද වැනි බිනර පුන් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

වස් කාලයේ අවසන් භාගය මෙය වන බැවින් අතීතයේ සිට වස් පිංකම් පිළිබද මෙම කාලසීමාව තුළ බෞද්ධ සැදැහැවතුන් වැඩි අවධානයක් යොමුකර ආගමික වතාවත්වල නිරත වෙයි.