FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් සමාගමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.

ඇවන්ගාඩ් සමාගමට ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.