කීත් නොයාර්ගේ නඩුවට අදාළව නීතිපතිගෙන් පොලිස්පති වෙත ලිපියක්

කීත් නොයාර්ගේ නඩුවට අදාළව නීතිපතිගෙන් පොලිස්පති වෙත ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා ලබා දෙන්නැයි දැනුම් දී මාස දෙකක් ගතව ඇතත්, එය ප්‍රමාද වීම අසතුටුදායක තත්ත්වයක් බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් ලිපියකින් වැඩබලන පොලිස්පතිට දැනුම් දී තිබේ. 

ඉදිරි පියවර ගැනීම සඳහා නිෂ්චිත කාල පරාසයක් සඳහන් කර එම කාලය තුල කිරීමට බලාපොරොත්තුවන විමර්ශණ කවරේද යන්න පිළිබඳවද තමන් වෙත දැනුම්දෙන ලෙසට නීතිපති විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දන්වා ඇත.

2008 වසරේ මැයි මසදී කීත් නොයාර් මහතා පැහැරගෙනගොස් පහරදිමේ සිද්ධියට අදාල විමර්ශණ සම්බන්ධයෙන් පසුගිය ජූලි මස 18 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ උපදෙස් දී තිබුණි.