(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චූදිතයෙකු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය උදර්පණ ඉල්ලීම සිංගප්පූරු විදේශ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
මෙරට විදේශ අමාත්‍යංශය විසින් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා එය යොමු කෙරෙන බවත් එම වාර්තාවල සදහන්.
මීට අදාළ පිටු 21000 කට අදාළ ලේඛන සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය 06 වනදා අත්සන් කරනු ලැබීය.








