FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සභාපතිට සිතාසි නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(12) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට මේ මස 27 වනදා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබිය.

පෙරේදා දිනයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ අතර නීතිපති දප්පුල ද ලිවේරා විසින් චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවර ඇත.