FAST NEWS

24×7 Around the Globe

ටෝගෝ ජනපති සහ මෙරට ජනපති අතර සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝඟීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙදින නිල සංචාරයක් සඳහා ටෝගෝ ජනරජයේ ජනාධිපති පවුරේ එසෝම්නා එනාසිංබේ මහතා ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි එතුමා ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනය පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් ටෝගෝ ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී ඇත.

එතුමාගේ මෙලෙස පැමිණීම දෙරට අතර සහයෝගීතාවයට මනා රැකුලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අතර ටෝගෝ ජනාධිපතිවරයා මෙරට කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතයි.

ටොගෝ ජනරජයේ හයවැනි ජනාධිපතිවරයා වන ෆොරේ එසෝෂිම්නා මහතා පසුගිය 2005 වසරේ දී එරට ජනාධිපති ධූරයට පත්ව තිබේ.