(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය විශ්රාමික වැටුප් විෂමතාව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තෙක් කොටුව දුම්රියපල ඉදිරිපිටදි අඛණ්ඩව සත්යග්රහයක නිරතවීමට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය තීරණය කර ඇත.
ආබාධිත රණවිරුවන් පිරිසක් ඊයේ (11) දිනයේද සිය ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර , එම අවස්ථාවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිළධාරීන් සහ ආබාධිත රණවිරුවන් අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.
සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකුට භාරදීමට ද එම රණවිරුවන් කටයුතු කළේය.








