(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන් තොටුපල ප්‍රදේශයේ මේ වනවිට මගීන්ගේ තදබදයක් හටගෙන තිබෙන අතර ඊට හේතුව ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගිවීමට පැමිණි පිරිස් ආපසු තම රටවල් වෙත පිටත්වීමට පැමිණ සිටීම බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
කටුනායක ගුවන් තොටුපලේ පවතින ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් සමුළුවට සහභාගිවීම සඳහා විදේශ රටවල් 40 කට අයත් බෝරාවරුන් 21,000 කට වැඩි පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බව වැඩිදුරටත් වාර්තා වේ.








