(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ඉන්ධන ප්රවාහන බවුසරයක් සහ මාවනැල්ල පොලීසියට අයත් කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද(11) අලුයම සිදුවූ අනතුරෙන් කැබ් රථයේ ගමන් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොස්තාපල්වරයා මිය ගොස් ඇත.
අවුරුදු 47ක් වයසැති මිය ගිය කොස්තාපල්වරයා කඩුගන්නාව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.








