FAST NEWS

24×7 Around the Globe

පරිභෝජනයට නුසුදුසු කසල තේ 18 000ක් සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනිස් පරිබෝජනයට නුසුදුසු අපරිසිදු තේ කොල කිලෝග්‍රෑම් දහ අට දහසක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

වත්තල ශ්‍රී වික්‍රම මාවත ප්‍රදේශයේදී ගබඩාවක තිබී මෙම කසල තේ තොගය සොයාගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම ගබඩාවේ භාරකරු ලෙස ක්‍රියා කර ඇති අතර ඔහු සතුව තිබූ තරාදි දෙකක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ වත්තල පොලිසිය විසින්ය.