FAST NEWS

24×7 Around the Globe

JMI තහනම් සංවිධානයේ 11 දෙනෙකු ටී.අයි.ඩී භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් නැමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

ඔවුන් දින 90 ක රැදවුම් නියෝග මත තබාගනිමින් විමර්ශණ සිදුකළ අතර ඊයේ දිනයේදී එම සැකකරුවන් 11 දෙනා ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශයට භාරදුන් බව පොලිසිය සදහන් කළේය.

මෙම සැකකරුවන් 11 දෙනා අතරට මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ්, මොහොම්මඩු රියාල් මොහොමඩ් සාජිද්, මුස්තාක් අලි අම්හර් , මොහොමඩ් තාහිර් හිදයතුල්ලා හා මොහොමඩ් රම්සින් රුප්දි අහමඩ් යන පිරිස ඇතුලත් වේ.

එමෙන්ම මොහිදින් බාවා මොහොමඩ් රූම, අබාදුල් හලීම් මොහොමඩ් හිමාස් , මොහොමඩ් කාසිම් මොහොමඩ් අකිල් , හිස්බුල්ලා බාස් හුස්නි අහමඩ් , මොහොමඞ් සාහිර් මොහොමදු අහ්සන් , මොහොමදු අවුතාක් අනීස් මොහොමඞ් යන සැකකරුවන්ද වැඩිදුර විමර්ශණ සදහා ත්‍රස්ත්‍ර විමර්ෂණ කොට්ශායට භාර දුන් සැකකරුවන් 11 දෙනා අතරට ඇතුලත්.