FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන ඇමති ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(11) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙනී සිටීමට නියමිතව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා විසින් අමාත්‍යවරයාගේ ඡායාරූපය පාසල් පෙළපොත්වලට ඇතුලත් කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයේදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබුණි.

ඉලංගසිංහ මහතාට එරෙහිව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් ඔහු ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම කැදවීම සිදුකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කළේය.