(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා පැවැත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වුවද එය ඉතා සුබවාදී බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
ඊයේ රාත්‍රී 9.30ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡා ආරම්භ කෙරුණු අතර පැය 2කට ආසන්න කාලයක් එම සාකච්ඡා පැවති බව වාර්තා වේ.
මෙම සාකච්ඡා සඳහා කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ද එක්ව සිටි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.








