(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් අද දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදී ඇති බවත් එම සැකකරු චමින්ද ගලබොඩ නොහොත් “උටියා” නැමති අයෙකු බවත් පොලිසිය පැවසීය.
ඒ අනුව එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.









