FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05 කින් අඩුකර ඇත.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් ද රුපියල් 2.00 කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 136 ක් ද, 95 ලීටරයක මිල 161 ක්ද වෙයි.

සුපර් ඩීසල් ලීටරයක නව මිල 132 කි.