FAST NEWS

24×7 Around the Globe

අලි සමීක්ෂණය කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ලබන 13 14 සහ 15 යන දිනවල සිදුකිරීමට නියමිත තිබූ වන අලි සමීක්ෂණය සිදු නොකිරීමට තීරණය කර තිබේ.

ප්‍රදේශ ගණනාවකට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම වන අලි සමීක්ෂණය සිදුනොකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සුරියබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව ලබන 13,14 සහ 15 දින වල වසාදැමිමට තීරණය කර තිබූ සියළුම ජාතික උද්‍යාන එම දිනයන්හිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන අතර කාලගුණ තත්ත්වය යහපත් වු පසු මේ වසරේ වන අලි සමීක්ෂණය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේය.