(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා රුපියල් 5.50 කින් ඉහළ නැංවුණු තිරිඟු පිටි කිලෝවක මිල පෙර පැවති මිලටම අලෙවි කිරීමට අද පැවති ජීවන වියදම් කමිටුවේදී සමාගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මේ අතර, වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ වෙළඳසැල් හිමියන් 100 අධික පිරිසකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේය.








