FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට ප්‍රබල අකුණු තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බව එම නිවේදනයේ සදහන්.

එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර් 70 – 80 ත් අතර කෙටි කාලීන තද සුළං අපේක්ෂා කරන බව එම නිවේදනයේ සදහන්.