FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමිගේ ජනපති සමාවට එරෙහිව පෙත්සම් විභාගයට දින තීන්දුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(10) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ලබාදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 05 වැනිදා කැඳවන ලෙස නියම කරන ලදී.

අදාළ පෙත්සම් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර ඇත.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර එහි කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස පස්වන දා කැඳවන ලදී.