FAST NEWS

24×7 Around the Globe

සජිත් සහ දෙමළ ජාතික සන්ධාන නායකයින් අතර රහස් හමුවක් 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (09) එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධාන නායකයින් යාපනය ප්‍රදේශයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන නායකයින් හා සජිත් ප්‍රේමදාස මහතා සාකච්ජාවක් එහිදි යාපනය පෞද්ගලික හෝටලයකදි පවත්වා තිබේ.

අදාළ සාකච්ජාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් විමසී‍මේදී ඉදිරි ජනාධිපතිවරණය හා මැතිවරණය සම්බන්ධයෙන් සාමාන්‍ය සාකච්ජාවක් එහිදි සිදු කළ බව ඔහු පැවසිය.

මෙම සාකච්ජාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා,ටි.සිද්ධාර්ධන් මහතා,ඊ.සරවනබවන් මහතා , යාපනය නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.