FAST NEWS

24×7 Around the Globe

2019 බෝරා සමුළුව අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ලොව වෙසෙන බෝරා ප්‍රජාව නියෝජනය කරමින් පසුගිය පළවනදා සිට දින 10 ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවති 2019 ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන් වෙයි. 

මෙම සමුළුව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියෙහි පවත්වනු ලැබුවේ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

බම්බලපිටිය හුසෙයිනි මස්ජිත් පල්ලිය ආශ්‍රීත ඉකුත් 31 වනදා සිට එම ආගමික වැඩසටහන් පැවැති අතර එහිදී අධ්‍යාත්මික නායකතුමෝ අෂාරා මුබාරකා දේශානාවක් පැවැත්වූවේය.

රටවල් 40 ක අධ්‍යාත්මික නායකයින් ඇතුළු නියෝජිතයින් 21,000 ක් පමණ මෙම සමුළුව සඳහා සහභාගි වූ අතර මෙවර එහි තේමාව වූයේ ශ්‍රී ලංකාව ඔබ අප විශ්වාස කරනවා යන්නයි.

බෝරා සමුළුව හේතුවෙන් කොල්ලූපිටියේ සිට දෙහිවල දක්වා මෙන්ම මොරටුව ආශ්‍රිතව ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය පියවර ගනු ලැබූ අතර, සමුළුව හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණහ.

මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 130 ක ආදායමක් ලැබුණු බවද වාර්තා වේ.