(ෆාස්ට් නිව්ස් | කොළඹ) –හෙට (10) සිට දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ බෙලිඅත්ත සිට මත්තල දක්වා වු අදියර තුනෙහිම සිදුවෙන සියළු ඉදිකිරිම් හා අනෙකුත් සියළු සේවා සදහා තාක්ෂණික උපදේශණ සේවා සපයන දේශීය ඉංජිනේරු උපදේශකයින් සිය උපදේශණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එහි උසස් නිළධාරියෙකු පැවසීය.
වසර 04කට ආසන්න කාලයක් තිස්සේ චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඩ් ඩිසයින් ඉන්ස්ටිටියුට් ගෘප් කම්පැණි ලිමිටඩ් ( China Railway First Survey & Design Institute Group co Ltd ) නැමති ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශන සමාගමට අනුබද්ධිතව සේවය කරන දේශීය ඉංජිනේරු උපදේශකයින් සදහා ලබා දිය යුතු ජීවන වියදම් දිමනාව අදාළ ජාත්‍යන්තර සමාගම විසින් ලබා නොදිමට විරෝධය පළකරමින් සියළු උපදේශණ නිළධාරීන් මෙලෙස සේවයෙන් ඉවත්වි මට තීරණය කල බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.








