FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණයේදී එක් කෝටි 60 ලක්ෂයකට සුදුසුකම් – මැකො

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 

2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 96 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර , ඒ අනුව අලුතින් ඡන්ද දායකයන් දෙලක්ෂ 31 දහස් 229 දෙනෙකු මෙවර ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේදී ජනාධිපතිවරණයකට පළමුවරට ඡන්දය ප්‍රකාශකරන පිරිස ලක්ෂ 09 කට ආසන්න විය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කර තිබේ.