FAST NEWS

24×7 Around the Globe

නවක වදය දුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීමේ සිද්ධියට අදාළව සැකකාර සිසුන් 19 දෙනා මේ මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 

එම විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බවට චෝදනා ලැබු රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 19 දෙනෙකු පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

නවක වධයට ලක් වූ බව කියන සිසුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.