FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඇමති මංගලගෙන් මාසික දීමනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුදන් වූවන්ගේ පවුල් වෙත රුපියල් 6,000 ක මාසික දීමනාවක් ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 

නොවැම්බර් පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා සදහන්කර සිටියේ උතුරේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංක ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත හමුවට ඊයේ (08) එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘2015 ජනවාරි මාසෙ අට වැනිදා අපට ලැබුණෙ ණය කන්දක් එක්ක රටක්. ජනතාවගේ ලේවලින් තෙත් වුණ පොළොවක්. දූෂණය පිරුණු රාජ්‍යයක්. ගෙවුණු වසර හතර ඇතුළෙ අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කළා. සුදු වෑන් යුගය අවසන් කළා. කතා කරන්න, ලියන්න කියන්න නිදහස් පරිසරයක් අපි නිර්මාණය කළා. ඕනෑම මාධ්‍යකට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් පරිසරක් නිර්මාණය කළා.

එහෙම කළ කවුරුත් ඝාතනය වුණේ නෑ. මෙන්න මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අපි ලබපු ජය.

සිංහල, දෙමළ හෝ මුස්ලිම් ත්‍රස්තවාදයකට, ජාතිවාදයකට හෝ ආගම්වාදයකට යළිත් මේ රටේ ඉඩක් නෑ. ඒකට හේතුව තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම් වූ සංවර්ධනයක් නිර්මාණය කිරීම.

ඉතිහාසයේ දැවැන්තම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ අද මුළු රටම වැඩබිමක් බවට පත් වෙලා. මුළු යාපනේම එකම වැඩබිමක්. හැම තැන ම පුංචි පාරවල්, පාලම්, බෝක්කු, කෝවිල්, පන්සල්, පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනවා.