FAST NEWS

24×7 Around the Globe

හෙට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(10 ) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත්තේ කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙවන අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙනි.

වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජා- ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.