FAST NEWS

24×7 Around the Globe

ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -අද (09) පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

 

“ළඟම පාසල හොඳම පාසල”යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මහනුවරදී මීට පෙර පාසල් ගොඩනැඟිලි 250ක් එකවර විවෘත කළ අතර කුලියාපිටියේද පාසල් ගොඩනැඟිලි 200ක් එකවර විවෘත කර තිබේ.