(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර මෙම අඟහරුවාදා (10) පැවැත්වීමට නියමිතව ඇති තීරණාත්මක සාකච්ඡාව සඳහා එජාප නායකත්වය විසින් මෙතෙක් වේලාවක් ලබාදී නොමැති බව වාර්තා වේ.
ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබුණු මෙම සාකච්ඡාව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත හෙට දක්වා කල් දැමීමට සිදුවිය .








