FAST NEWS

24×7 Around the Globe

මුත්තයියා දේශපාලනය කරළියට..?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ඊයේ (09) වියත්මග සමුළුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ විය.

ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද සහභාගි වීම සුවිශේෂත්වයකි.

මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා එහිදී අවධාරණය කළේය.

කෙසේ වුවද මෙම සමුළුව සඳහා සහභාගී නොවන ලෙස මුරලිදරන්ට විවිධ ආකාරයේ බලපෑම් එල්ල වී ඇති බව ද විවිධ ආරංචි මාර්ග පවසයි.