FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය ගැන තීන්දු ගන්න අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසම අද(09) රැස්වේ.

ඒ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා බව වාර්තාවේ.

මේ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම මෙහිදී සිදු කෙරේ.

මැතිවරණ නීතියට අනුව ලබන 15 වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට බලතල පවතින අතර නාමයෝජනා කැඳවූ දිනයේ සිට සති 4 ත් 6 ත් අතර කාලයකදී ඡන්ද විමසීම පැවැත්විය යුතු වේ.

මීට අමතරව අද(09) දිනයේ මැතිවරණ සමයේ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත්වේ.

ඒ මැතිවරණ කොමිසම සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතරය.