FAST NEWS

24×7 Around the Globe

සෞදි කථානායක සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබියානු කථානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් අල් ෂෙයික් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (08) විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසීර් බින් හුසේන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ද සහභාගී විය.