(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වීසා නිකුත් කිරීමේදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ අප්‍රිකානු සහ ආසියානු රටවලින් පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන බව එම දෙපාර්තමේන්තුවේ පාලක පසන් රත්නායක මහතා කියා සිටියි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදේශීය සංචාරකයන් හෝ ආයෝජකයන් අපහසුතාවට ලක්වන පරිදි කිිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.








