FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරිගුණවර්ධන මහතා පත් කර තිබේ.

මෙතෙක් මැතිවරණ කටයුතු භාරව කටයුතු කරනු ලැබුවේ වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා යි.

මේ වන විට බස්නාහිර පළාත සහ රථ වාහන දිශාව භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාට අදාළ තනතුරුවලට අමතරව මැතිවරණ කටයුතු ද භාර දී තිබෙන බව වාර්තා වෙයි.