(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුනු සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින ලබාදී තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා ලබන 20 වනදා සාක්ෂි ලබාදීමට නියමිතව ඇති අතර තේරීම්කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ ජනාධිපති නිල නිවසේදී සාක්ෂි සටහන් කර ගන්නා බව එම කමිටුවේ නියෝජිතයින් පවසයි.
ඒ සඳහා නිශ්චිත ස්ථානයක් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව, සති දෙකක කාලයක් තුල එහි වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත් එය භාෂා තුනෙන්ම නිකුත් කර පසුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් තේරීම්කාරක සභාවේ සාමාජිකයෙකු සඳහන් කළේය.








