FAST NEWS

24×7 Around the Globe

පරිපාලන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

පරිපාලන සේවය මුහුණ දී ඇති ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.

ඒ අනුව ලබන 10 වනදා සහ 11 වනදා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරයි.

එසේම ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද පැවැත්වීමට ඔවුන් සුදානම් වේ.