(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරය අනිද්දා ආරම්භ වේ.
එහිදී ශ්රී ලංකාව තුළ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක්සා කච්ඡාවට ගැනීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් පසුගියදා ශ්රී ලංකාවේ සංචාරය කල අතර ඉන් අනතුරුව මෙම වාර්තාව සකස් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී අනිද්දා ආරම්භවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසිවාරය ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.








