FAST NEWS

24×7 Around the Globe

නව සන්ධානයට ප්‍රධාන පක්ෂ හයක් එක්වන බව ගම්මන්පිල කියයි.

ඉදිරි පාර්ලිමේන්තුව රැස් වූවාට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිකම් නොලැබූ මන්ත්‍රීවරුන් සමග ද ඉදිරියේ දී පිහිටුවන නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.

නව සන්ධානය අනිවාර්යයෙන්ම පිහිටුවන බව කී මන්ත්‍රීවරයා මේ වන විට පක්ෂ හයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගරාධිපතිවරුන් සහ විවිධ තනතුරු දරන්නන් ගණනාවක් නව සන්ධානයක් ඇති කිරීමට කැමැත්ත පළ කර ඇති බවද කීය.

හිටපු ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව තවම සාකච්ඡා කර නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා-

නව සන්ධානයක් සෑදීම සඳහා තවම සාකච්ඡා සිදුවනවා. ඒ පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීමට නොහැකි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කවුද නව සන්ධානයට එක්වන්නෙ. කවුද එක්නොවන් කියලා තීරණයක් නැති නිසයි. ඇමැති ධුර දුන් පසුව එම ගැටලුව විස‍ඳෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මන්ත්‍රීවරයා කීය.