FAST NEWS

24×7 Around the Globe

මිරිහාන, නුගේගොඩ සහ කෝට්ටේ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසල මංගල්‍යයේ අවසන් පෙරහර මංගල්‍යය හේතුවෙන් මිරිහාන, නුගේගොඩ සහ කෝට්ටේ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

අද පස්වරු 6 සිට මෙම රථ වාහන සැලැස්ම බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මේ අනුව ජුබිලි කණුව, පාගොඩ පාර, බංගලා හන්දිය සහ බැද්දගාන හන්දිය ආශ්‍රිත මාර්ගවල පෙරහර අවසන් වන තුරු රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.

එම නිසා අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.