FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුවෙන් කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතීත්වයෙන් ඊයේ(05) රැස්වූ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් එම කමිටුවේ තීරණයන් උල්ලංඝනය කරමින් රජයට රුපියල් මිලියන 15 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් නියෝගයන් නිකුත් කර තිබේ.

මහජන බැංකුවේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන හේමසිරි ප්‍රනාන්දුට සහ රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන ආර්.සේමසිංහට මෙලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

ඊට අමතරව මෙම ගණුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් අදාළ පාඩුව අය කරගන්නා ලෙස ද කමිටුව මෙහිදී නිර්දේශ කරන ලදී.