(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 13 වැනිදාට පෙර ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ලබාදීමට හිමිකම් කියන පිරිස් අදාළ ඉල්ලුම් පත් යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මෙම ඡන්ද විමසීම සඳහා පසුගිය වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරන අතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී, මැතිවරණය කාර්යාලය, ගාල්ල යන ලිපිනයට අයදුම්පත් යොමුකළ යුතුව ඇත.
අදාළ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනට හෝ එදිනට පෙර ලැබෙන සේ අදාළ අයදුම්පත් යොමුකළ යුතු බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන නියෝජිතයන් 28 දෙනෙකු තෝරාගැනීම සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන අතර, 17 දෙනෙකු කොට්ඨාස ක්‍රමය යටතේත්, 11 දෙනෙකු සමානුපාතික ක්‍රමට යටතේත් තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරණය සඳහා කවරෙකු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවද, දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට උපදෙස්දී තිබේ.








